ජර්මනිය කටාර්ය තුර්කියේ සහායට



ඇමෙරිකාවෙන් එල්ල වන පීඩනය හමුවේ තමන් සැමවිටම තුර්කිය සමඟ සිටිනවා යැයි කටාරය සහ ජර්මනිය කියයි.

ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහ කටාර් එමීර් අල් තානී තුර්කිය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත්තේ දුරකතනය ඔස්සේය. එහිදී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට සහාය ඵල කිරීමට දෙදෙනා එකඟ වී ඇත.

මේ වනවිට ඇමෙරිකාව, තුර්කියට සම්බාධක පැනැවීමක් සිදු කර ඇත. ඒ, තුර්කි රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇමෙරිකන් පූජකවරයකු මුල්කොට ගනිමිනි.

ඇමෙරිකාව තුර්කියට පැනැවූ සම්බාධක හේතුවෙන් තුර්කියේ ආර්ථිකය අර්බුදයකට ලක් වී ඇති බව එරට පුවත් සේවා වාර්තා කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS