චන්ද්‍රිකාව උඩ යන්න සූදානම්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නිර්මාණය කළ කලීෆාසැට් චන්ද්‍රිකාව ඔක්තෝබර් 29දින අභ්‍යාවකාශ ගත කරන බව ඩුබායි ඔටුන්න හිමි කුමරු, ෂයීක් හම්ඩන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ජපානයේ ටනේගෂීමා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් කලීෆාසැට් චන්ද්‍රිකාව H-IIA රොකට්ටුව ආධාරයෙන් අභ්‍යාවකාශයට රැගෙන යෑමට සැළසුම් කර ඇත.

එමිරේට්ස් වැසියන් ලද ජයග්‍රහණයක් බවත් තම රටේ තාක්ෂණය පමණක් චන්ද්‍රිකාව නිර්මාණය කිරීම සඳහා යොදාගත් බවත් කැපවීමෙන් වැඩ කළ මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සියලුම දෙනාට ස්තූතිය පළ කරන බව ට්විටර් පණිවිඩයේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS