ගුවන් සේවිකාව සරම්ප රෝගයෙන් මැරිලා



පසුගිය අප්‍රේල් මාසයේ, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර සිට ඊශ්‍රාලයේ ටෙල් අවීව් තෙක් පැමිණි ඊශ්‍රායල ගුවන් යානයක 43 හැවිරිදි ගුවන් සේවිකාවක ගුවන් යානය තුළදී හදිසියේ මියගිය බව වාර්තා විය.

එම කාන්තාව මියගොස් ඇත්තේ සරම්ප වැළඳීමෙන් යැයි මේ වනවිට අනාවරණය වී ඇත.

පසුගිය නොවැම්බරයේ සිට ඊශ්‍රායලයෙන් සරම්ප රෝගියකු මියගිය බව වාර්තා වුණු තෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මේ අයුරින් ඊශ්‍රායලයෙන් සරම්ප රෝගියකු මියගිය බව වාර්තා වූයේ වසර 15 කට පසුව යැයි එරට පුවත් සේවා වාර්තා කර තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS