ගුවන් යානයක් මූදට දාලා



සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ගත් අපූරු ක්‍රියාමාර්ගයක් පිළිබඳව තුර්කියෙන් වාර්තා වෙයි.

සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක් ලෙස එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් සාගරයේ ගිල්වීමට තුර්කිය පියවර ගෙන ඇත.

එයාර්බස්  A330 වර්ගයේ මගී ගුවන් යානය තුර්කියේ වයඹ දිග වෙරළාශ්‍රිත මුහුදේ ගිල්වන අයුරු දැක්වෙන දර්ශන මාධ්‍යයට නිකුත් වී තිබුණි.

නව අකාරයක අත්දැකීමක් ලබා ගැනීමට කිමිදුම් රිසි සංචාරකයින් අනිවාර්යයෙන් මෙම ස්ථානයට පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීටර් 65ක දිගින් යුත් යානය ඒජියන් මුහුදේ මීටර් 30ක් ගැඹුරු ජලයේ ගිල්වීමට කටයුතු කර ඇත.

මේ අතර ප්‍රදේශය ඉතාමත් ඉක්මනින් කිමිදුම්කරුවන්ගේ පාරාදීසයක් වනු ඇතැයි විශ්වාස කරන බව එහි බලධාරීන් ප්‍රකාශ කළේය.

( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස්

RECOMMEND POSTS