ගුවන් යානයක් පැහැර ගන්න හදලා



ඉරානයේ මගී ගුවන් යානයක් පැහැර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමට ඉරාන විප්ලවීය හමුදාව සමත් වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

පැහැර ගැනීමට සූදානම් වී ඇත්තේ ඉරාන රජයට අයත් 'ඉරාන් එයාර් ෆොකර් 100' රට අභ්‍යන්තර ගුවන් සේවයට අයත් මගී යානයකි. යානය අෂ්වාස් සිට මෂාද් තෙක් පියාසර කිරීමට නියමිතව තිබුණි.

යානය පැහැර ගැනීමට තැත් කර ඇත්තේ එක් පුද්ගලයකු බවත්, ඒ සඳහා ඔහුට ඉඩක් ලබා නොදීමට, ඉරාන විප්ලවීය හමුදාව කටයුතු කළ බවත් අල් ජසීරා පුවත් සේවය වැඩි දුරටත් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS