කොලරා රෝගීන් 11ක්



සෞදි අරාබියේ ජාසන් පළාතෙන් කොලරා රෝගීන් එකොළොස් දෙනෙක්  (11) හමු වු බව නිවේදනයක් නිකුත් කරමින් සෞදි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

කෙලරා රෝගය බෝවී ඇති බවටමුලික පරීක්ෂණවලදීතහවුරු වී ඇති අතර, රෝගීන් හමු වු ප්‍රදේශය අවධානම් කලාපයක් ලෙස නම් කර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් මේවනවිටත් ජාසන් පළාතේ සෞඛ්‍ය අංශ ගෙන ඇති බව වාර්තා වේ.

කොලරා රෝගය වැළදී ඇති පුද්ගලයන් එකොළොස් දෙනා නීතිවිරෝධි ආකාරයෙන් සෞදි අරාබියට පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS