කොරෝනා වැඩිවේවි යැයි බියක්



සිදුවුණු එම බිහිසුණු පිපිරුමෙන් පසු බේරූට් නුවර සියලු කටයුතු මුළුමනින්ම අඩපණ වීමත් සමඟ ‍'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියක් සිදුවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කරයි.

බේරූට් නුවර වරායේ එම පිපිරුම සිදුවූයේ ලෙබනනය දේශපාලනික වශයෙන්, ආර්ථිකමය වශයෙන් පමණක් නොව, කොරෝනා වයිරසයෙන් ද බැට කමින් සිටින අවස්ථාවකය.

දැනටමත් ලෙබනනයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදතයන් ගණන 6,100 කට වැඩිය. පිපිරුමෙන් රෝහල් 3 ක් මුමනින්ම විනාශ වී ඇති අතර, තවත් රෝහල් දෙකකට හානි සිදුවිය.

කොරෝනා වයිරස වසංගත තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින්, ඇමෙරිකන් ඩොලර් මිලියන 1.7 ක් වටිනා ආරක්ෂිත ඇඳුම් කට්ටල අඩංගු කන්ටේනර් 17 ක් ලෙබනන් සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS