කුවේට් නායකයාට ආරාධනාවක්
සෞදි අරාබියේ රියාද් නුවර පැවැත්වෙන 40වැනි ගල්ෆ් සහයෝගිතා සමුළුවට සහභාගි වන ලෙස කුවේට් නායකයාට ආරාධනා කර ඇති බව වාර්තා වේ.
සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගෙන් ආරාධනාව ලැබී ඇති බව කුවේට් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
40වැනි ගල්ෆ් සහයෝගිතා සමුළුව දෙසැම්බර් 10දින රියාද් නුවර දි ආරම්භ වීමට නියමිතව ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)