කුවේටයේ දික්කසාද 5,258 ක්



කුවේට් රාජ්‍යය තුල 2016 වර්ෂයේ දික්කසාද 5,259ක්වාර්තා වන බව කුවේට් අධිකරණ අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා දත්ත මඟින් සනාථ වන බව ඇරුබ්-ටයිම්ස්-ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

2016 වර්ෂයේ විවාහ වු සහ ඊට පෙර වර්ෂයන් වල විවාහයන් එම සංඛ්‍යාවට ඇතුලත් වන බව වාර්තා වේ.

වසර 5-10 අතර කාලයකින් දික්කසාද වු සංඛ්‍යාව 701ක්ද, වසර 10-20 අතර කාලයකින් දික්කසාද වු සංඛ්‍යාව 573ක්ද, වසර 20කට පසු දික්කසාද වු සංඛ්‍යාව 336ක් ලෙස වාර්තා වේ.

2016 වර්ෂයේ අගෝස්තු මාසයේ ඉහළම දික්කසාද සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර එය සංඛ්‍යාත්මකව 524කි. 

පළමු විවාහයෙන් දික්කසාද වු සංඛ්‍යාව 291ද, දෙවන විවාහයෙන් දික්කසාද වු සංඛ්‍යාව 54ද,තුන්වන විවාහයෙන් දික්කසාද වු සංඛ්‍යාව 150ක් ලෙස වාර්තා වේ.

2016 වර්ෂයේ මැයි මාසයේදි දෙවන වැඩිම දික්කසාද සංඛයාවක් වාර්තාවී  ඇති අතර එය සංඛ්‍යාත්මකව 498ක් ලෙස වාර්තා වන අතර  මාර්තු මාසයේදි දික්කසාද 483ක් වාර්තා වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරුබ්-ටයිම්ස්-ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS