කුවේටයේ 7 ක් සුවයි



කුවේටයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් හත් දෙනෙක් සුවය ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව, කුවේටයේ සුවය ලැබූ සමස්ථ පුද්ගලයන් සංඛ්‍යාව 67 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය, ෂෙයික් බාසල් අල්-සබා ප්‍රකාශ කළේ ය.

ආසාදිතයන් සුවය ලබා ඇති බවට විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ගෙන ඇති අතර, යථාතත්ත්වයට පත් වන තෙක් වෙනත් වාට්ටුවක රඳවා තැබීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඉදිරි දින දෙක තුළ ඔවුන්ව නිදහස් කිරීමට කටයුතු කරන බව කුවේට් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS