කුවේටය ගුවන්ගමන් නවතා දමයි



කුවේටය ඉරානය සමඟ සියළුම ගුවන්ගමන් නවතා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නියෝගයට අනුව සියළුම ගුවන්ගමන් නවතා දැමීමට කටයුතු කළ බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ ය.

ඉරනයෙන් කොරෝනා රෝගීන් කීපදෙනෙක් වාර්තා වීමෙන් පසු,සියළුම ගුවන්ගමන් නවතා දමන ලෙස කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය සිවිල් ගුවන්සේවා අධිකාරියට නියෝග කර ඇත.

පසුගිය සති දෙක තුළ ඉරානයට ගිය සියලුම විදේශිකයින්ට වලංගු වීසා බලපත්‍ර තිබුණත් රට තුළට ඇතුළු වීමට ඉඩ නොදෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන්සේවා අධිකාරිය පැවසීය.

ඉරානයේ සංචාරය කළ කුවේට් පුරවැසියන්ව විශේෂ සෞඛ්‍ය පහසුකම් යටතේ නිරෝධායනය කරන බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

නැවත දැනුම් දෙන තුරු ඉරානයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අධිකාරිය සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS