කුමරුන් ගැන ඉරානය කනස්සල්ලෙන්



දෙදින ඉන්දීය සංචාරය අවසන් කරමින්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ලබන 21 සහ 22 චීනයේ සංචාරය කිරීමටත් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය.

සෞදි කුමරුන්ගේ මෙම චීන සංචාරය සම්බන්ධයෙන්, සෞදියේ ප්‍රතිවාදියකු වන ඉරානය බිය පළ කර ඇත. සෞදි කුමරුන්ට පෙර ඉරාන විදේශ කටයුතු පිළිබඳ ඇමැති ජාවද් සරීෆ් චීනයේ බීජිං අගනුවරට පැමිණ චීන විදේශ ඇමැති වොන් යී හමුවී සිය කනස්සල්ල පළ කර ඇත්තේ එහෙයිනි.

සෞදි කුමරුන්ගේ සංචාරය, චීනය සහ ඉරානය අතර පවතින සබඳතාවලට කිසිදු බාධාවක් නොවනු ඇති බව චීන විදේශ ඇමැතිවරයා ඉරාන විදේශ ඇමැතිවරයාට පෙන්වා දුන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.

(අල් ජසීරා)


RECOMMEND POSTS