කුමරු පාපන්දුව අත්සන් කරලා



2018 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක උත්සවය සඳහා සහභාගී වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් කළ ඇරැයුම පිළිගනිමින් සෞදි ඔටුන්න හිමි කුමරු පමණක් නොව, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මන් අල්-සවුඩ් මොස්කව් නුවර බලා පැමිණ සිටිති.

මොස්කව් නුවරට ගිය සෞදි කුමරු රුසියානු ජනාධිපතිවරයාව මුණගැසී ෆීෆා ලෝක කුසලාන පාපන්දු සමාරම්භක අවස්ථාවට සහභාගි වී ඇති අතර, 2018 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සිහිවීම සඳහා නිර්මාණය කරන ලද පාපන්දුවට සෞදි කුමරු ගුවන්තොටුපලේදී අත්සන් කර ඇතැයි ද වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS