කුමරු ජගත් නායකයෝ හමුවෙයි



ආජන්ටිනාවේ බුවර්නෝස් අයර්ස් නුවර පැවැත්වෙන ‘ජී20’ සමුළුවට සහභාගී වී සිටින සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් ලෝක නායකයන් කිහිප දෙනකු හමුවී ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

මේ වනවිට සෞදි කුමරුන් හමුවුණු ලොක නායකයන් වන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ඉන්දුනීසියා උප අගමැති ජුසුෆ් කාලා, මෙක්සිකෝ ජනාධිපති පෙනා නීටෝ, චීන ජනාධිපති ෂී ජින්පින්, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ය.

ජී 20 යනු ලොව ආර්ථික බලවත් රටවල රාජ්‍ය නායක සමුළුවය. සෞදි කුමරුන් මෙවර සමුළුවේදී කැපී පෙනෙන චරිතයක් වී ඇත. ඒ, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් කුමරුන්ට චෝදනා එල්ල වී ඇති නිසාය.

කෙසේ නමුත් ලෝක නායකයක් සැමගෙන් සල්මාන් කුමරුන්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. නිල නොවන මට්ටමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ කුමරුන් අතරේ ද කෙටි කතාබහක් සිදුවුණු බව ද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS