කාන්තාවන්ට වෙනම කලාපයක්



කාන්තාවන්ට මෝටර් රථ නතර කිරීම සඳහා සාජා ගුවන්තොටුපොලේ රෝස පාටින් සළකුණු කරන ලද වෙනම කලාපයක් වෙන් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

වැඩි පිරිසක් ගුවන්තොටුපොලට ගෙන්වා ගැනීම, හැකි ඉක්මණින්මෝටර් රථ ගුවන්තොටුපොලෙන් පිටකිරිම සහ සේවාවන්වල ගුණාත්මකභාවය වැඩිකිරීමේ පළමු අදියර ලෙස මෙය හඳුන්වා දී ඇත.  

පළමු අදියරයේ සාර්ථකත්වය මත ඉදිරියේදි පහසුකම් වැඩිකිරීම පාලනාධිකාරිය සැළසුම් සකස් කරමින් සිටින ගුවන්තොටුපොල ආරංචිමාර්ග සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS