කශොග්ජී ගැන නිහඬයි



සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසී රජු ඊයේ (19) එරට ෂූරා කවුන්සිලය (පාර්ලිමේන්තුව) අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීය.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සම්බන්ධයෙන්, රජු යමක් පවසාවි යැයි බොහෝ දෙනාගේ අපේක්ෂාව වී තිබුණි. කෙසේ නමුත් එහිදී 82 හැවිරිදි රජු ඝාතනයට ලක් වුණු සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී සම්බන්ධයෙන් කිසිවක් පැවසුවේ නැත.

මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය පසුපස සිටින්නේ සෞදියේ ඔටුන්න හිමි කුමරුන් මෙන්ම, සල්මාන් රජුගේ පුතු මොහොමද් බින් සල්මාන් කුමරු යැයි චෝදනා එල්ල වී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS