කලීෆා සැට් දකුණුකොරියාවට



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නිෂ්පාදනය කරන ලද පළමු චන්ද්‍රිකාව වන “කලීෆාසැට්’’ අභ්‍යාවකාශ ගතකිරීමේ පළමු අදියර ලෙස එමිරේට්ස් ස්කයි කාගේ භාණ්ඩ ප්‍රවාහන සමාගමට අයත් විශේෂ කන්ටේනරයකින් දකුණු කොරියාවට යැවීමට මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට් ඉන්ජිනේරුවන්ගේ දැණුම පමණක් උපයෝගි කරගනිමින් එමිරේටය තුල චන්ද්‍රිකා නිෂ්පාදනය කිරිමේ අරමුණින් ප්‍රධාන නියමුවා ලෙස ඩුබායි පාලකයා ලබාදුන් උපදෙස් මත 2013 වර්ෂයේදී “කලීෆාසැට්’’ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය  කටයුතු කළේය.

“කලීෆාසැට්’’චන්ද්‍රිකාව දකුණු කොරියාවට යැවීම තම ආයතනයට විශේෂ අවස්ථාව මෙන්ම ගෞරවයක් බවත් අතිශයින් සතුටට පත්වන බවඑමිරේට්ස් ස්කයි කාගේ භාණ්ඩ ප්‍රවාහන සමාගමේ උපසභාපති, නබීල් සුල්තාන් ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS