කම්කරු නීති කැඩු 44 අල්ලයි



ඕමානයේ කම්කරු නීති උල්ලංඝනය කළ විදේශ ශ්‍රමිකයන් හතලිස් හතරදෙනෙක් (44) අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සීබ්, බෞෂර් සහ මුට්ට්‍රාහ් යන නගරවලින් නීතිවිරෝධි විදේශ ශ්‍රමිකයන් අත්අඩංගුවට ගෙන ඇති අතර  කාන්තාවක් තිස්දෙනෙක් (30) අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව වාර්තා වේ.

නීතිවිරෝධි ආකාරයෙන් ඕමානයේ රැඳී සිටින විදේශ ශ්‍රමිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා හදිසි වැටලීම් සිදුකරන බව මිනිස් බල අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS