කතුන් 50 ජීවිතාරක්ෂක පුහුණුවක්



සෞදි කාන්තාවන පනස් දෙනෙක් (50) දින දෙකක ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් සාර්ථකව අවසන් කර ඇති බව වාර්තා වේ.

අරාබි රටක මෙවැනි ආකාරයේ පුහුණු වැඩසටහක් (කාන්තාවන්ට පමණක්) පැවැත් වු ප්‍රථම අවස්ථාව බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ආහාර සහ ජලය නොමැතිව ඉතා දුෂ්කර අභියෝගයන්ට මුහුණ දෙමින් මුහුදේ සහ ගොඩබිමේ ජිවිත බේරාගන්නා ආකාරය පිළිබදව පුහුණුවක් ලබා දී ඇත.

කඳු බෑවුම් සහ දිය අගල් හරහා ගමන් කිරීමටද කාන්තාවන්ට සිදු වු බවත් සෞදි කාන්තාවන්ටද විශාල ආත්ම ශක්තියක් ඇති බව අණදෙන නිලධාරී, සවුද් අහමඩ් අල්-මල්කි ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS