කටාර් හි සේවයේ නියුතු ශ්‍රමිකයන්ට යහපත් නීතියක් සම්මත වෙයි



කටාර් හි සේවයේ නියුතු සේවකයන්ට තම වැටුප් ලැබිය යුතු දිනයේ සිට දින හතක් ඇතුළත වැටුප් නොලැබුණ හොත් හාම්පුතුට නොදන්වා රැකියාව වෙනස් කිරීමට හැකිවන පරිදි නව නීතියක් සම්මත වී තිබේ.

කටාර් පරිපාලන සංවර්ධන කම්කරු  හා සමාජ කටයුතු අමාත්‍යංශය මගින් මෙම නීතිය සම්මත කර තිබේ. 

මෙම නව නීතිය අනුව මෙවැනි වැටුප් ගෙවීම් පැහැර හරින අවස්ථාවල දී සේවකයෙකුට නව රැකියාවකට යාම සදහා රැකියාව වෙනස් කිරිම පිළිබ`දව විරැුද්ධත්වයක් නොමැති බවට හාම්පුතාගෙන් සහතිකයක්  අවශ්‍ය නොවන බව නව නීතියේ ස`දහන් වේ. 
අමාත්‍ය මණ්ඩල මට්ටමින් මෙම නිතියට අනුමැතිය හිමි වී ඇති බවත් ඉක්මණින්ම එය ක‍්‍රීයාත්මක වනු ඇති බවත් කටාර් ඬේ වෙබ් අඩවිය වාර්තා කර ඇත. 

ශ‍්‍රමිකක වැටුප් නිසි වෙලාවට ගෙවීම පිළිබ`දව හාම්පුතුන් දිරිමත් කිරීම හා එසේ වැටුප් ගෙවීම පමා කරන හාම්පුතුන් ගෙන් සේවකයන්ට වන අසාධාරණයට එරෙහිව පියවර ගැනීමට සේවකයිනට අවස්ථාව  සැලසීම  මෙම නීතිය පැනවීමේ අරමුණ බව එම වෙබ් අඩවිය වාර්තා කරයි. 

කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවකදී සේවකයා අසත්‍ය තොරතුරු පැවැසූ බව හෙළි වුවහොත් ඔහු සේවයෙන් ඉවත් කිරීමට ද සේවා යෝජ කයාට අවස්ථාව නව නීතිය මඟින් සලසා ඇත.   

 


RECOMMEND POSTS