කටාර් සාකච්ඡා දිගටම



කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති ඇෆ්ගන් තලේබාන් සාම කාර්යාලය හරහා තලේබාන් නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිත සල්මේ කලීසාද් අතරේ සාකච්ඡා දිගටම පැවැත්වෙන බව වාර්තා වේ.

මෙම සාකච්ඡාවල අරමුණ වී ඇත්තේ ඇෆ්ගන් අර්බුදය අවසන් කිරීම සහ ඇෆ්ගනිස්තානයට සාමය උදා කිරීමය. සාමය වෙනුවෙන් සහ දේශපාලන විසඳුමකට යෑම සම්බන්ධයෙන් තලේබාන්වරුන්ගේ කැමැත්ත හිමිවී ඇති බව සල්මේ කලීසාද් මාධ්‍ය හමුවේ පවසා ඇත.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS