කටාර් එන්නැයි සෞදි රජුට ඇරැයුමක්



ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ 40 වැනි සැසිය කටාර් රාජ්‍යයේ දෝහා හි පැවැත්වීමට නියමිත බවත්, ඊට සහභාගී වෙන්නැයි සෞදියේ සල්මානු රජුට, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානිගෙන් ඇරැයුම් ලැබී ඇති බවත් වාර්තා වේ.

ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ 40 වැනි සැසිය තව නොබෝ දිනකින් පැවැත්වීමට නියමිතය. සෞදිය සහ කටාර් රාජ්‍යය අතර අර්බුදයක් පවතී. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවටත් අන්තවාදයට උඩගෙඩි දෙන  බවටත් සෞදිය කටාර් රාජ්‍යයට චෝදනා කරයි. 

සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඊජිප්තුව හවුල් කර ගනිමින් කටාර් රාජ්‍යය හුදෙකලා කිරීමට සම්බාධක පනවා ඇත්තේ ද මෙහෙයිනි. සම්බාධක පනවා වසර දෙකක් ගත වී ඇත.
කටාර් එමීර්වරයා සෞදි රජුට මෙසේ ඇරැයුම් කර ඇත්තේ එවැනි වාතාවරණයක් පවතින අවස්ථාවකදීය.

(අල් ජසීරා)


RECOMMEND POSTS