කටාරය සමඟ සබඳතා ශක්තිමත් කර ගන්නවා



කටාර් රාජ්‍යය සමඟ පවතින සබඳතා තව තවත් ශක්තිමත් කර ගන්නවා යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසා ඇත.

සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රාජ්‍යයන් කටාරය සමඟ සබඳතා නවතා දමා ඇති  අතර ඉරානය සහ තුර්කිය කටාරයේ සහායට කටාරයට ළංවී සිටී. කටාරයට ආහාර ටොන් ගණනින් යවන්නේ ද ඉරානයයි.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි පවසා ඇත්තේ කටාරය තම ‘සොහෝදරයා පමණක් නොව ළඟම මිතුරා’ කියාය.

සෞදිය, බහරේනය, එක්සත් අරාබි එමීරය, ඊජිප්තුව ආදී රටවල් කටාරය සමඟ අමනාප වී, කටාරයට සම්බාධක පැනැවීමට පවා කටයුතු කර ඇත්තේ ද කටාරය ඉරානය සහ තුර්කිය සමඟ සමීප සබඳතා පැවැත්වීය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS