කටාරය බාධා කළා



බහරේන් රාජ්‍යය බලා පියාසර කරමින් තිබු එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට අයත් මඟි ගුවන්යානා දෙකකට අන්තර්ජාතික ගුවන් සිමාවේදි කටර් රාජ්‍යයට අයත් ප්‍රහාරක ජෙට් යානා බාධා එල්ල කළ බව එමිරේට්ස් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

එමිරේට්ස් රාජ්‍යය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ලෝකයේ විශාලතම මඟි ප්‍රවාහන ගුවන් සමාගම් දෙකක් වන එමිරේට්ස් සහ එටිහාඩ්,ගුවන්ගමන් ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමේදි ගුවන් සමාගම් දෙක අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තමන් එවැනි දෙයක් සිදුනොකළ බවත් තම රාජ්‍යය අපකීර්තියට පත්කිරීමට එමිරේට්ස් රාජ්‍යය කටයුතු කරමින් සිටින බවසිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කටාර් රාජ්‍යය ප්‍රකාශ කළ බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS