ඔටුන්න හිමි කුමරාට ට්‍රම්ප්ගෙන් ඇමතුමක්



රජකම හිමිවීමට නියමිත ඔටුන්න හිමි සෞදි කුමරු මොහොමද් බින් සල්මාන්ට ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගෙන් ඇමැතුමක් ලැබී ඇතැයි වාර්තාවේ.

ට්‍රම්ප් ජනපති ධුරයට පත් වීමෙන් පසු සෞදියේ ආරක්ෂක ඇමැති වශයෙන් මොහොමද් බින් සල්මාන් කුමරු වොෂින්ටනයට පැමිණ ට්‍රම්ප් හමුවීමට පවා කටයුතු කර ඇත.

ජනපති ට්‍රම්ප් සහ මොහොමද් බින් සල්මාන් අතර මිතුදම් පවතී. සෞදියේ සල්මාන් රජු සිය වගකීම් සියල්ල මොහොමද් බින් සල්මාන් කුමරුට පවරා දී, මීළඟ සෞදි රජු ලෙස ඔහු නම් කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් සුබ පැතූ බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS