එමිරේට්ස් නව වීසා නීති



වයස අවුරුදු 18 සහ ඊට අඩු යැපෙන්නන් සංචාර කිරීම සඳහා එක්සත් අරාබි එම්රේට්ස් රාජ්‍යයට පැමිණීමේදි ගෙවිය යුතු විසා ගාස්තු නිදහස් කිරීමට එමිරේට්ස් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

සෑම වසරකම ජුලි15 දින සිට සැප්තැම්බර්15 දක්වා කාලය තුල අදාල විසා ගාස්තු නිදහස් කර ඇත. 

පිය, මව සහ දරුවන් දෙදෙනෙක්ට සංචාරක විසා ලබාගැනීමට එමිරේට්ස් ඩිරාම් 3,780ක් ගෙවීමට සිදු වු අතර නව නීතියත් සමඟ එමිරේට්ස් ඩිරාම් 980ක් (බදු සමඟ) පමණක් ගෙවීය යුතු වේ.

2018 පළමු කාර්තුවේදි මිලියන 32.8ක් එමිරේට්ස් ගුවන්තොටුපලවල් හරහා ගමනාන්ත වෙත ගොස් ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS