එමිරේටයෙන් ඉන්දියාවට ආධාර



ඉන්දියාවේ කොරෝනා වසංගතය සැලකිල්ලට ගනිමින්, එරට නවදිල්ලි අගනුවර ඇඳන් 50 කින් සමන්විත තාවකලික රෝහලක් පිහිටුවීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පියවරගෙන ඇතැයි වාර්තා වේ.

මෙම තාවකාලික රෝහල ස්ථාපිත කිරීම සිදුවන්නේ ඉන්දියාවත් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයත් අතර පවතින මිතුදම් ශක්තිමත් කිරීමක් ලෙසය. කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස බැටකන ඉන්දියානුවන්ට අවශ්‍ය ඔක්සිජන් ඇතුළු වෛද්‍ය පහසුකම් සැපැයීමට ද එක්සත් අරාබි හමිරේට්ස් රාජ්‍යය පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.

මීට අමතරව, ඉන්දියාවට අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු වෛද්‍යාධාර එවීමට යුරෝපා සංගමය ද පියවර ගෙන ඇත. යුරෝපා සංගමයේ සිවිල් ආරක්ෂණ යාන්ත්‍රණය හරහා මෙම ආධාර එවීම සිදුවෙයි. අයර්ලන්තය, බෙල්ජියම, රුමේනියාව, ලක්සම්බර්ග්, පෘතුගාලය සහ ස්වීඩනය ඉන්දියාවට ආධාර එවීමට ඉදිරිපත් වූ පළමු යුරෝපා රටවල් බව පැවැසෙයි.

අබුඩාබිහිදීය (රොයිටර්)


RECOMMEND POSTS