උල්කාපාතවලින් 20%ක් ඕමානයට



පෘථිවියට පතිත වන චන්ද්‍ර උල්කාපාතවලින් සියයට විස්සක්(20%) ඕමානයට පතිතවන බව මහාචාර්ය, අහමඩ් බින් ඩොෆාර් අල්-රාවස් ප්‍රකාශ කළේය.

ලෝකයේ රටවල් අතරින් වැඩිම චන්ද්‍ර උල්කාපාත ප්‍රමාණයක් පතිතවන තුන්වන රට බවට ඕමානය පත් වී ඇති බව ඩොෆාර් විශ්ව විද්යාලයේ පැවති විද්‍යාත්මක සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

දැනට පතිත වී ඇති උල්කාපාත සම්බන්ධයෙන් විද්‍යාත්මක පරියේෂණයක් සිදුකර සිතියම් ගත කිරීමට අධ්‍යයනය කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

සුල්තාන් කබූස් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් මෙන්ම ඩොෆාර් විශ්ව විද්‍යාලයේ කලා හා ව්‍යවහාරික විද්‍යා විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයෙක් ලෙස අහමඩ් බින් ඩොෆාර් අල් රාවස් සේවය කරයි.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS