උපායමාර්ගික සාකච්ඡා



ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ ඉහළ පෙළේ උපදේශකයෙක් ඉකුත් දා රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමු වී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ.

මෙලෙස රුසියානු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූයේ ඉරානයේ උත්තරීතර නායකයාගේ ඉහළ පෙළේ උපදේශකයකු වන අලි අක්බාර් විලයාටිය. ඉරාන උත්තරීතර නායකයාගේ සහ එරට ජනාධිපති හසන් රොව්හානිගේ පණිවුඩ රැගෙන රුසියාවට පැමිණි අලි අක්බාර් ඉරානය සහ රුසියාව අතර තිබෙන සබඳතා ‘උපායමාර්ගික’ සබඳතා යැයි ද පවසා තිබේ.

ඇමෙරිකාව ඉරානයට නව සම්බාධක පනවා ඇති මොහොතක අල් අක්බාර් විලයාටි මෙසේ රුසියාවේ සංචාරයක නිරත වී සිටී.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS