ඊශ්‍රායල තානාපති නෙරපයි



ගාසා තීරයේ හටගත් ඊශ්‍රායල පලස්තීන ගැටුම් සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, තුර්කියේ ඊශ්‍රායල තානාපතිවරයා නෙරපා දැමීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවොන් කටයුතු කර ඇත.

ගාසා තීරයේ පලස්තීන විරෝධතාකරුවන් මරා දැමීමත්, දහස් ගණනකට තුවාල සිදු කිරීමත් සම්බන්ධයෙන්, තුර්කිය ඊශ්‍රායල රජයට දෙහි කපයි.

එය මුස්ලිම් ප්‍රජාවට එල්ල වුණු කුරිරු ප්‍රහාරයක් බව තුර්කි ජනපතිවරයා පවසා ඇත. ඊශ්‍රායලය සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් රටවල් එක් විය යුතු බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටී.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ මැදිහත්කරු ලෙස මෙතෙක් කටයුතු කළේ ඇමෙරිකාවය. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් පිළිගැනීමට ට්‍රම්ප් ගත් තීරණය මුල්කොට ගනිමින්, මින් ඉදිරියට ඇමෙරිකාවට ඊශ්‍රායල පලස්තීන අර්බුදයට මැදහත්කරුවකු විය නොහැකි බව තුර්කි ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS