ඊශ්‍රායල ඇමැතිවරයෙක් ඉරානයට ඔත්තු දීලා



ඉරානය වෙනුවෙන් ඔත්තු බැලීම් සිදු කළේ යැයි ඊශ්‍රායලයේ හිටපු ඇමැතිවරයකුට චෝදනා එල්ල වී ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කළේය.

චෝදනා එල්ල වී ඇත්තේ ගොනන් සෙගේව් නමැති හිටපු ඇමැතිවරයාටය. මොහු 1990 දශකයේ ඊශ්‍රායලයේ බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුට එරෙහිව නඩු පැවැරීමක් සිදු කරන බවත් ඊශ්‍රායල බලධාරීහු කියති.

බලශක්ති ඇමැතිවරයා ලෙස නයිජීරියාවේ සංචාරයකට ගිය අවස්ථාවේදී, ඉරාන බුද්ධි අංශ රහසේ ගොනන් සෙගේව් හමුවී, ඔහු ඔවුන්ගේ කටයුතු සඳහා බඳවා ගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය යොදා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතුවල නියැලුණු බවට ද ගොනන් සෙගේව්ට චෝදනා එල්ල වී ඇති අතර 2005 වසරේ දී ද ඔහු ඊශ්‍රායල පොලිස් අත්අඩංගුවට ද පත් විය.

(රොයිටර්)


RECOMMEND POSTS