ඊශ්‍රායල අගමැති ඉරානයට දෙහි කපයි



ලොවට ලොකුම තර්ජනය එල්ල වී ඇත්තේ ඉරානයෙන් බවටත්, ඉරානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන රටක් බවටත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු චෝදනා කරයි.

ඊශ්‍රායල අගමැතිවරයා මෙසේ ඉරානයට චෝදනා කරන්න වූයේ ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වුණු ජගත් ආරක්ෂක සමුළුවට එක් වෙමිනි. ලොවට තර්ජනයක් වුණු ඉරානයට ඊශ්‍රායලය කිසිම අවස්ථාවක බුරුළක් දෙන්නේ නැතැයි ද අගමැති නෙදන්යාහු අවධාරණය කළේය.

පසුගිය දා ඊශ්‍රායල ගුවන් සීමාවට හොරෙන් ඇතුළු වුණු ඩ්‍රෝන යානාවක් පහර දී බිම දැමීමට ඊශ්‍රායල හමුදාව සමත් විය. අගමැති නෙදන්යාහු සමුළුවට සහභාගී වෙමින්, ඉරානයට දොස් නැගුවේ, පහර දී බිම දැමූ එම ඩ්‍රෝන යානයේ කැබැල්ලක් ද රැස්ව සිටි සෙසු රටවල නියෝජිතයන්ට පෙන්වමිනි. ඊශ්‍රායල අගමැතිවරයා නැගූ එම චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරනවා යැයි ඉරාන විදේශ ඇමැතිවරයා පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS