ඊශ්‍රායල අගමැති අධිකරණය හමුවට



එල්ල වී ඇති දූෂණ  ‍චෝදනා සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ‍බෙන්ජමින් ‍‍‍‍‍නෙදන්යාහුට එ‍‍රෙහි නඩු විභාගය අද (24) ඇරැඹිණි.

අගමැති ධුරය දරමින් සිටියදී චෝදනා සම්බන්ධ‍යෙන් ‍මෙසේ අධිකරණය හමුවේ ‍‍පෙනී සිටින පළමු අගමැතිවරයා ‍නෙදන්යාහු ය. මූල්‍ය වංචා, අල්ලස් ලබා ගැනීම සහ අගමැතිවරයා ලෙස විශ්වාසය කඩ කිරීම යන චෝදනා නෙදන්යාහුට එල්ල වී තිබේ.

‍ජෙරුසලම අධිකරණයට පැමි‍‍ණෙමින්, 70 හැවිරිදි නෙදන්යාහු මාධ්‍ය හමුවේ කියා සිටියේ තමා ධුරයෙන් ‍කෙසේ හෝ ධුරයෙන් ඉවත් කිරීමට කළ කුමන්ත්‍රණයක් බවය. එල්ල වන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවත් අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින්නේ හවුල් ආණ්ඩුවකි. පසුගිය වසර පුරා පැවැති දේශපාලන අර්බුදය අවසන් කරමින්, හවුල් ආණ්ඩුව පිහිටුවීම කර ඇත්තේ නෙදන්යාහු සහ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා බෙනී ග්‍රාන්ට්ස්ගේ විපක්ෂ සන්ධානය එක් වෙමිනි. ඇති කරගත් එකගතාව අනුව නෙදන්යාහු සහ ග්‍රා‍න්ට්‍ දෙදෙනා මාරුවෙන් මාරුවට අගමැති ධුරය හොබවනු ඇත.

‍(අල් ජසීරා)


RECOMMEND POSTS