ඊජිප්තුවේ හදිසි නීතිය දිගටම



ක්‍රියාත්මක වන හදිසි නීතිය තවත් මාස 3 කට දීර්ඝ කිරීමට ඊජිප්ත රජය තීරණය කර ඇතැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

ඊජිප්තුව උතුරු අප්‍රිකා කලාපයට අයත් රාජ්‍යයකි. ඊජිප්තු ජනාධිපති අල් සීසී, හදිසි නීතිය පැනැවීමට කටයුතු කළේ ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් එරට කොප්ටික් ක්‍රිස්තියානුවන්ට ප්‍රහාර එල්ල වීමත් සමඟය.

ඊජිප්තුවේ දයේෂ් තක්ෆීරී ත්‍රස්ත සංවිධානය ද ක්‍රියාත්මක වෙයි. පසුගිය අප්‍රේල් මාසයේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන තක්ෆීරී ත්‍රස්ත සංවිධානය සිදු කළ ප්‍රහාරවලින් 45 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

හදිසි නීතිය යටතේ ප්‍රහාර රැසක් වළක්වා ගැනීමට තම ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණු බව ඊජිප්තු රජය කියා සිටී.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS