ඊජිප්තු දුම්රියක් පීලිපනී



 

ඊජිප්තුවේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 100 කි. රෝහල්ගත කළ තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාර්තා වේ.

දුම්රිය පීලි පැනීමට ලක්වීමෙන් පසු, මැදිරි කිහිපයක් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගොස් ඇත. ඒවායේ සිරවුණු පිරිස් එළියට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද පැවැසෙයි.

දුම්රිය කයිරෝ අගනුවර සිට මැන්සූරා නගරය තෙක් ධාවනය වෙමින් තිබුණි. දුම්රිය පීලි පැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන්නැයි ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී උපදෙස් දී තිබේ.

කයිරෝහිදීය (රොයිටර්)


RECOMMEND POSTS