ඉරානයේ හිටපු ජනපති ජනපතිවරණයට



ඉරානයේ හිටපු ජනාධිපති මහ්මූද් අහ්මදිනජාද් එරට ජනාධිපති ධුරයට තරග වැදීමට සූදානම් වන බව වාර්තා වේ.

ඉරාන ජනාධිපතිවරණය ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා ලියාපදිංචි වූ බව රොයිටර්ස් පුවත් සේවය බදාදා වාර්තා කළේය.

සමූල ඝාතන සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම නිසා අහ්මදිනජාද් නිරන්තරයෙන් බටහිර රටවල දැඩි විවේචනයට ලක්විය.

ධුර කාල සම්බන්ධයෙන් පැවැති සීමා හේතුවෙන් අහ්මදිනජාද් ට 2013 වසරේ දී ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.

ඉන් පසු පැවැති ජනාධිපතිවරණයෙන් වර්තමානයේ ඉරානයේ ජනාධිපති ධුරය හොබවන හසන් රොව්හානි දැවැන්ත ජයග්‍රහණයක් හිමි කරගත්තේ ය.

ලෝක බලවතුන් සමඟ ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමටත් මුල් තැන ගෙන ක්‍රියා කළේ හසන් රොව්හානි ය.

රොයිටර්


RECOMMEND POSTS