ඉරානයට යන්න ජපන් අගමැති සැරැසෙයි



නිල සංචාරයක් සඳහා ඉරානයට යෑමට තමන් සූදානම් යැයි ජපන් අගමැති ෂෙන්සෝ අබේ කියයි.

ජපාන අගමැතිවරයා ඉරානයට යෑමට සූදානමින් සිටින්නේ ඉරානය සහ ජපානය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අටියෙනි.

ජපාන අගමැතිවරයකු මෙසේ ඉරානය බලා යනු ඇත්තේ වසර 40 කට පසුව යැයි ද පැවැසෙයි.
ජපන් අගමැති අබේගේ මෙම ඉරාන සංචාරය ලබන ජූලි මාසය මැදදී සිදුවනු ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS