ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනෑ



ඇමෙරිකාව ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි ඇමෙරිකා හමුදා ප්‍රධානී ජනරාල් ජෝසෙප් වෝටෙල් පවසයි.

ජනරාල්වරයා මේ බව කියා සිටියේ මැද පෙරදිග කලාපයේ ස්ථාවරත්වයට ඉරානය තර්ජනයක් බව පෙන්වා දෙමිනි.
ඉරානය ඔවුන්ගේ ‘පටු අරමුණු’ වෙනුවෙන් මැදපෙරදිග කලාපය අස්ථාවර කරන බවට ද ජනරාල්වරයා චෝදනා කළේය.

ඇමෙරිකා හමුදාවේ මධ්‍යම අණ දෙන අංශයේ ප්‍රධානියා වන්නේ ද ජනරාල් ජෝසෙප් වෝටෙල්ය.

පරගණක සහ අන්තර්ජාල ඔස්සේ ‘සයිබර් ප්‍රහාර’ පවා හල්ල කිරීමට ඉරානයට හැකියාව ඇති බව ජනරාල් ජෝසෙප් වෝටෙල් වැඩි දුරටත් කියා සිටී.

එහෙයින් ඉරානය ‘මර්දනය’ කිරීමට නම් ඊට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකාව ඕනෑම මොහොතක සූදානමින් සිටිය යුතු යැයි ද ජනරාල්වරයා පෙන්වා දෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS