ඉරාන තෙල් නැව වෙනිසියුලාවට



ඇමෙරිකාවේ දැඩි විරෝධය මැද ඉරාන තෙල් නැවක් වෙනිසියුලාවට පැමිණ ඇත. ‍ඉරාන තෙල් නැව් පහක් වෙනිසියුලාවට පැමිණෙමින් ඇති අතර ඉන් පළමු නැව වන්නේ මෙයයි.

ලතින් ඇමෙරිකාවට අයත් වෙනිසියුලාව දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටී. 'කොවිඩ් 19' වයිරසය එම අර්බුදය උත්සන්න කිරීමට සමත් වී ඇත.

ඉරානය තෙල් නැව් වෙනිසියුලාවට යවන්නේ වෙනිසියුලාවේ ඉන්ධන අර්බුදයට පිළියමක් වශයෙනි. වෙනිසියුලාව පමණක් නොව, ඉරානය ද ඇමෙරිකාවේ උදහසට ලක් වුණු රටවල්ය. මේ නිසාම  දෙරටට ඇමෙරිකාව දැඩි සම්බාධක පනවා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS