ඉරාන ඩ්‍රෝන යානය ඇමෙරිකාව බිම දමයි



සිරියානු රජය සතුව පැවැති ඉරානයේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා සමත් වී ඇතැයි වාර්තාවේ.

ඇමෙරිකන් හමුදාව එෆ් 15 වර්ගයේ ප්‍රහාරක යානා යොදා ගනිමින් එම ඩ්‍රෝන යානයට පහර දී ඇතැයි ද වාර්තා වේ. සිරියානු රජයේ හමුදාව ඉරාන ඩ්‍රෝන යානය යොදා ගනිමින් ඔත්තු නිරීක්ෂණවල නියැලී ඇතැයි ද පැවැසෙයි.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේ දී ඉරානය සිරියානු රජයට සහාය පළ කරයි. ඇමෙරිකාව අයි.එස්. ත්‍රස්තවාදීන්ට පහර දීම් සිදු කරන නමුත් සහාය දක්වන්නේ සිරියානු රජයට නොව සිරියානු රජයට එරෙහිව අවි අතට ගෙන සටන් වදින විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සහ කුර්දි සටන්කාමීන්ටය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS