ඉරාන ජනපතිගේ ගුවන් යානයටත් සම්බාධක



ට්‍රම්ප් පරිපාලනය ඉරාන ජනාධිපති හසන් රොව්හානි සිය ගමන් බිමන් සඳහා යොදා ගන්නා ඉරානයේ ‘දේනා’ ගුවන් සේවයට අයත් ගුවන් යානාවලට ද සම්ාධක පනවා ඇත.

ත්‍රස්ත සංවිධානවලට අරමුදල් එක් රැස් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා සැලකිල්ලට ගනිමින් ‘දෝනා’ ගුවන් සේවයට මෙසේ සම්බාධක පැනැවීම සිදු කළ බව ඇමෙරිකාව වැඩි දුරටත් කියා සිටී.

ඉරාන ජනාධිපතිගේ ගමන් බිමන් පමණක් නොව, රජයේ නිලධාරීන්, ඇමැතිවරුන්ගේ ගමන් බිමන් සිදුවන්නේ ද මෙම ගුවන් සේවය හරහාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS