ඉරාන ගුවන් යානයක් කඩා වැටී 66 ක් මරුට



ඉරාන ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි ගමන් කරමින් සිටි 66 දෙනාම ජීවිතක්ෂයට පත් වුණැයි ඉරාන පුවත් සේවා වාර්තා කළේය.

කඩා වැටුණේ ඉරානයේ ‘ඇසීමාන්’ නමැති ගුවන් සේවයට අයත් ගුවන් යානයකි. මෙය අභ්‍යන්තර ගුවන් යානයක් බව ද පැවැසෙයි. යානය කඩා වැටී ඇත්තේ සැග්‍රෝස් කඳුකර ප්‍රදේශයටය.

යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වුණු සැණින්, ගුවන් හමුදාව වහා ක්‍රියාත්මක වී එය සොයා සෝදිසි මෙහෙයුම් ආරම්භ කළේය. ඒ අනුව, යානයේ සුන්බුන් කඳුකරයෙන් සොයා ගැනීමට හමුදාව සමත් විය.

යානයේ සිටි 66 දෙනාගෙන් 60 දෙනකු මගීන් බවත්, ඉතිරි සය දෙනා යානයේ නියමුවන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවත් වාර්තා වේ. යානය මෙසේ අනතුරට ලක් වූයේ ඉරානයේ තෙහෙරාන් අගනුවර සිට ඉස්ෆහාන් පළාතේ යසුයිජ් ගුවන්තොටුපොළ බලා පියවර කරද්දීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS