ඉරාන ඇමෙරිකා මාධ්‍යවේදිනිය අත්අඩංගුවේ



ඉරාන රාජ්‍ය පුවත් නාළිකාව වන ‘ප්‍රෙස් ටීවී’ පුවත් සේවයේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන ඇමෙරිකන් මාධ්‍යවේදිනියක, ඇමෙරිකාවේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි මර්සේ හෂේමි ය. ඇය ඉංග්‍රීසි භාෂාවෙන් විකාශය වන ප්‍රෙස් ටීවී නාළිකාවේ පුවත් නිවේදිකාවන පමණක් නොව, වාර්තා සිනමාකාරියක ද වන්නීය.

ඇමෙරිකාවේ එෆ්.බී.අයි. පරීක්ෂකයන් විසින් හෂේමි අත්අඩංගුවට ගෙන ඇත්තේ මිසෝරි ජනපදයේ ශාන්ත ලුවිස් නුවර ලැම්බර්ට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය. මර්සේ හෂේමි ඇමෙරිකාවට පැමිණ ඇත්තේ ඇමෙරිකාවේ පදිංචි ඇගේ පවුලේ අය බැහැදැකීමටය.

මර්සේ හෂේමි උපත ලබා ඇත්තේ ඇමෙරිකාවේ ලුවිසියානා ජනපදයේ නිව්ඕර්ලන්ස් ප්‍රාන්තයේය.

ඇය ඇමෙරිකන් මෙන්ම ඉරාන පුරවැසියකු ද වෙයි. එපමණක් නොව, ඇය කළු ජාතික ඇමෙරිකන් ඉරාන කාන්තාවකි.

ශාන්ත ලුවිස් නුවරදීය
අල් ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS