ඉරාකයේ දිගටම විරෝධතා



අගමැති මහ්දි ධුරයෙන් ඉවත් වුවත්, ඉරාකයේ විරෝධතා අවසන් වී නොමැති අතර, ඊයේ (6) බැග්ඩෑඞ් නුවර පැවැති විරෝධතා රැලියට ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

ජීව උණ්ඩ යොදා ගනිමින් කළ එම වෙඩි තැබීමෙන් විරෝධතාකරුවෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඉරාක වැසියෝ සති ගණනක් තිස්සේ විරෝධය පළ කරන්නේ ධරිද්‍රතාව, විරැකියාව සහ මූලික පහසුකම් නොමැතිකම නිසාය.

විරෝධතා උත්සන්න අවස්ථාවේදී ඉරාක අගමැති අබ්දුල් අබ්දෙල් මහ්දි ධුරයෙන් ඉවත්වීමට තීරණය කළේය. අගමැති මහ්දි ධුරයෙන් ඉවත්වීම පළමු පියවර බවත්, තම විරෝධය අවසන් නොමැති බවත් විරෝධතාකරුවෝ පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS