ඉරාකයට බලශක්ති අර්බුදයක්



ඇමෙරිකාව, ඉරානයට පනවා ඇති ආර්ථික සහ වෙළෙඳ සම්බාධක හේතුවෙන්, ඉරාකය බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

ඉරාකය ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සිදු කරන්නේ අසල්වැසි ඉරානයේ ස්වභාවික වායු ලබා ගෙනය. ඇමෙරිකා සම්බාධක හේතුවෙන් එය දිටම කළ නොහැකිය.

සම්බාධක පැනැවූ අවස්ථාවේදී, දින 45 ක සහනයක් ඉරාකය ඇමෙරිකාවෙන් ඉල්ලා ගත් අතර, එම සහය කාලය දැන් අවසන් වීමට නිමිත බව වාර්තා වේ.

ඉරාකයට ඉරානයේ පමණක් නොව, ඇමෙරිකාවේ ද සහාය අවශ්‍ය වී ඇත. එහෙයින් ඉරානයත් ඇමෙරිකාවත් සතුටු කිරීමට ඉරාක රජය රජයට ලොකු පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එසේ කිරීමෙන් පීඩාවට පත් වන්නේ ඉරාක වැසියන් බව ද දේශපාලන විශ්ලේෂකයෝ වැඩිදුරටත් පැහැදිලි කරති.

(අල් ජසීරා)


RECOMMEND POSTS