ඉරාක ජනපති ඉල්ලා අස්වෙන්න ඕනෑ



ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඉරාක ජනපති බර්හාම් සාලී අතරේ හමුවක් පැවැත්වුණු අතර, එය ඉරාකයේ ෂියා මුස්ලිම් සන්නද්ධ කල්ලි විරෝධය පළ කර ඇත.

මෙම ෂියා මුස්ලිම් කල්ලි ඉරාන හිතවාදීන්ය. මොවුන් ඉරාක හමුදාවේ ආධාරක බළඇණිය ලෙස කටයුතු කරයි. ඉරාන හමුදා නායක කසීම් සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන් ඉරාකයේ ඇමෙරිකන් සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකන් හමුදා කඳවුරට පහරදීම් කරන්නේ ද මෙම සන්නද්ධ කල්ලිය.

ඉරාක ජනාධිපතිවරයා සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාව අතිශය වැදගත් එකක් විය. ඒ, ඉරාන හමුදා නායක සුලෙයිමානී ඝාතනය සම්බන්ධයෙන්, ඉරාක රජයෙන් ඇමෙරිකාවට විරෝධයක් එල්ල වීම හේතුවෙනි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් හමුවී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති බර්හාම් සාලී ට විරෝධය පළ කරමින්, ෂියා සන්නද්ධ කල්ලි බල කර ඇත්තේ සාලී වහාම ඉරාක ජනාධිපති ධුරයෙන් ඉවත් විය යුතු බවටය.

බැග්ඩෑඩයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS