ඉරාක කුර්දිවරුන්ට පහර දෙයි



ඉරාකයේ කුර්දි කම්කරු පක්ෂ සාමාජිකයන්ගේ සමුළුවකට, තුර්කි ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා පහර දී ඇතැයි වාර්තා වේ.

තුර්කිය චෝදනා කරන්නේ කුර්දි ත්‍රස්තවාදීන්ට, මෙම දේශපාලන පක්ෂයේ ද සහාය හිමිවන බවය. ප්‍රහාරය එල්ල කළේ කුන්දිල් කඳුකරයේ ස්ථානයකට යැයි ද පැවැසෙයි.

මේ වනවිටත් සිරියාවේ කුර්දි ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් තුර්කිය පහර දීම් සිදු කරයි. ඒ, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දෙගොන්ගේ මෙහෙයවීමෙනි.

තුර්කිය ඉරාකයේ කුර්දි ත්‍රස්තයන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළේ මීට සති කිහිපයකට පෙර සිටය. ඒ, ඉරාක රජයේ අනුදැනුම පරිදිය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS