ඉරාක අගමැතිගේ පළමු සෞදි සංචාරය



ඉරාක අගමැති අබ්දෙල් අබ්දුල් මහීදී, පළමු වරට සෞදි අරාබියේ සංචාරයක නියැලෙයි.

රියාද් බලා පැමිණි ඉරාක අගමැතිවරයාට සෞදියේ ඔටුන්න හිමි සල්මාන් රජුගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඉරාකය සහ සෞදිය අතර දේශපාලනික මෙන්ම ආර්ථිකමය වශයෙන් ද පවතින අර්බුද විසඳා ගැනීමත් යහපත් සබඳතා ඇතිකර ගැනීමත් මෙම සංචාරයේ අරමුණ බව පැවැසෙයි.

දෙරට අතර මේ වනවිට හොඳහිත වර්ධනය වෙමින් පවතින අතර, වසර 30 කට පසු පසුගිය දා සෞදි කොන්සල් කාර්යාලයක් ද ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර විවෘත කෙරුණි.

(අල් ජසීරා)


RECOMMEND POSTS