ඉන්දීය සංචාරය සාර්ථකයි



ඉරාන ජනාධිපති හසන් රොව්හානි සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර හමුවක් පැවැත්විණි.

ඒ, ඉරාන ජනාධිපති රොව්හානි, තෙදින නිල සංචාරයක් සඳහා නවදිල්ලියට පැමිණි අවස්ථාවේදීය. අගමැති මෝදි සහ ඉරාන ජනපති රොව්හිනි අතරේ දෙරටට වැදගත් ගිවිසුම් නවයකට අත්සන් තැබුණි.

දෙරට අතර වීසා නීතිරීති ලිහිල් කිරීම, සංගීත ක්ෂේත්‍රය සහ වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පමණක් නොව, ඉන්දියාව සහ ඉරානය එක් වී, ඇෆ්ගනිස්තානයේ ඉදිකරමින් යන චබහාර් වරායේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද ගිවිසුම්වලට අත්සන් තැබුණු බව වාර්තා වේ.

ඉරාන ජනපති රොව්හානි, ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද අමතක නොකළේය. ජනපති රොව්හිනි සමඟ විශේෂ දූත පිරිසක් ද ඉන්දීය සංචාරය සඳහා පැමිණියහ.

ඉරාන ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය ඊයේ (17) අවසන් විය. කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ සහ පවුලේ සාමාජිකයන් ඉන්දියාව බලා පැමිණියේ ඉන් පසුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS