ඉන්දීය අගමැති මෝදි එක්සත් අරාබි එමිරේටයේ



විදේශ සංචාරයක නියැලෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට බලා පැමිණියේය.

එමිරේට්ස් ඔටුන්න හිමි ෂෙයික් මොහොමද් බින් සයාද් අල්නහ්යාන් කුමරුන්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිවිල් වැසියකුට පිරිනැමෙන ‘සයාද්’ ඉහළම ගෞරව පදක්කම ඉන්දීය අගමැති මෝදිට පිරිනැමීමට කුමරු කටයුතු කළේය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දු කාශ්මීරයට ඉන්දීය රජය තහංචි පනවා ඇති අවස්ථාවක ඉන්දීය අගමැතිවරයාට මෙම පදක්කම පිරිනැමීම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව ෂෙයික් මොහොමද් බින් සයාද් අල්නහ්යාන් කුමරුට චෝදනා නගා ඇතැයි ද වාර්තාවේ.

ඉන්දු කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් කුමරුන් සහ මෝදි අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට කිසිදු අසාධාරණයක් සිදුනොවනු ඇති බවත්, ඉන්දීය රජය කටයුතු කරන්නේ ඔවුන්ගේ යහපත වෙනුවෙන් බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අබුඩාබිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS